රත්නපුර කොළඹ මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
රත්නපුර කොළඹ මාර්ගයේ බණ්ඩාරනායක මාවත අසල දී සිදුවු රිය අනතුරින් 70 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මාර්ගයේ වම්පස සිට දකුණුපසට යතුරුපැදිය තල්ලු කරමින් සිටින පුද්ගලයෙක් රත්නපුර සිට කුරුවිට දෙසට ධාවනය වු ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
යතුරුපැදිය තල්ලුකරමින් සිටි පුද්ගලයා බරපතළ තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
