අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් ගිනි අවි සමඟ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා සහ සොල්ටා නැමැත්තාට අවි ආයුධ නිෂ්පාදනය කළ ඔවුන්ගේ සමීපතම ගෝලයෙකු අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට සහ යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි 02ක් සහ ටී 56 උණ්ඩ 18ක් සොයාගෙන තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
