මහනුවර පාසල් 42ක් අද සිට යළි විවෘතයි
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක අධ්‍යාපන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් නගරයේ පාසල් තුනක් තවදුරටත් වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කරයි.
මේ අතර ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියළුම පාසල් අද (14) සිට 18 වන සිකුරාදා දක්වා තවදුරටත් වසා තැබෙන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
