දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 100ක් දිවයිනට

සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල රැකියා සඳහා ගොස් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 100දෙනෙකු අද (14) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව සෞදි අරාබියේ රියාද් රැඳී සිටි 50දෙනෙකු, කටාර් රාජ්‍යයේ දෝහා රැඳී සිටි 42දෙනෙකු සහ සිංගප්පූරුවේ රැඳී සිටි 08දෙනෙකු මෙලසෙ දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් සියළුදෙනා කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

එමෙන්ම මෙම පැය 24ක කාළය තුළ කටුනායක ගුවන්තොටුපළෙන් ශ්‍රී ලාංකිකයින් 221දෙනෙක් රැකියා ව්‍යාපාරික සහ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *