දේශීය

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ අද සිට විවෘතයි

පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණයේ තොග වෙළඳාම් කටයුතු අද (14) සිට ආරම්භ කිරීමට නියමිතයි.

අද පස්වරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා තොග වෙළඳාම් කටයුතු පමණක් සිදු කෙරේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළද මැනිං වෙළද සංකීර්ණය ආසන්නයේ පිහිටා ඇති අතර පවතින තත්වය හමුවේ ජනතාව අතර විශාල තදබදයක් ඇති වීම අවම කිරීම සඳහා මෙම වේලාවන් යොදා ගෙන තිබේ.

මැනිං වෙළඳපොළ වෙළඳ සංගමයේ සාමාජික නිමල් අත්නායක මහතා සඳහන් කළේ ඉදිරියේදී යම් ප්‍රායෝගික ගැටලු මතු වුවහොත් වෙළඳපළ විවෘතව පවතින වේලාවන් සම්බන්ධව නැවතත් තීරණය කෙරෙන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *