ක්‍රීඩා

ජැෆ්නා ස්ටැලියන්ස් LPL මහා තරගයට සුදුසුකම් ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පැවති තරගයෙන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පරදා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට අවස්තාව දෙන ලදි.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගැනීමට සමත් විය.

ජොන්සන් චාර්ල්ස් පන්දු 56ක දී ලකුණු 76ක් ද අවිශ්ක ප්‍රනාන්දු හයේ පහර 4ක් සමගින් ලකුණු 39ක් රැස් කළ අතර වනිදු හසරංග ලකුණු 14ක් සහ චරිත් අසලංක ලකුණු 10ක් රැස් කරන ලදි.

පන්දු යැවීමේ දී මාලින්ද පුෂ්පකුමාර කඩුලු 2ක් බිඳ හෙලූ අතර කඩුලු අතර දිවීමේ දී දැවීයාම් 4ක් ද වාර්තා විය.

ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 128ක් පමණයි ලබා ගැනීමට හැකි වූයේ.

උපුල් තරංග ලකුණු 33ක්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 29ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 15කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර එහිදී කඩුලු අතර දිවීමේ දී දැවීයාම් 2ක් වාර්තා විය.

ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අතර පැවැත් වීමට නියමිත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *