ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩ්න්ගේ ජය තහවුරු වේ
ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ජයගත් බව තහවුරු වී තිබේ.
එරට මැතිවරණ ක්රියාදාමයට අනුව ඊයේ (14) රැස්වු ඡන්ද විද්යාල නියෝජිතයන් එක් එක් අපේක්ෂකයන්ට සිය සහය ස්ථිරකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජෝ බයිඩ්න්ට ඡන්ද විද්යාල 306ක් ලැබී ඇති අතර ඊට සාපේක්ෂව වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් හිමිකරගත්තේ ඡන්ද විද්යාල 232ක් පමණි.
මේ දක්වා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මැතිවරණ ප්රතිඵලය පිළිගැනීම ප්රතික්ෂේප කර ඇති අතර ඊට අභියෝග කිරීම සඳහා ඔහුට පැවති එකම අවස්ථාව ද ඊයේ ලැබුණු ප්රතිඵලයට අනුව අවසන්වනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
