මහර මියගිය රැඳවියන් සිව්දෙනාගේ රහස්ය වාර්තාවක් අද වත්තල මහෙස්ත්රාත් අධිකරණයට
මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් මියගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් අද (16) වත්තල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරනු ලැබුවේ අධිකරණය විසින් පත් කළ විශේෂඥ මණ්ඩලයක් මගිනි.
මහර බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් සිව්දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ එම විද්වත් මණ්ඩලය විසින් මේ වනවිට අවසන් කර තිබේ.
ඒ අනුව එම මළ සිරුරු 4 භූමදානය කිරීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබද තීරණය අද දහවල් වන විට ලබාදීමට නියමිතය.
එම ගැටුම හේතුවෙන් රැඳවියන් 11 දෙනෙක් මියගිය අතර ඉන් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
