මහර රැඳවියන් 4දෙනාගේ සිරුරු ආදාහනයට අධිකරණයෙන් නියෝග
මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් මියගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් අද (16) වත්තල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව එම සිරුරු ආදාහනය කරන ලෙස වත්තල මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය නොවැම්බර් මස 29 සහ 30 දිනවල බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 11දෙනෙකු මියගොස් තිබුණි.
අධිකරණයට පෙන්වා දී ඇත්තේ ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා මගින් එම මරණවලට මූලික හේතුව වෙඩි වැදීම් බවයි.
ඒ අනුව අදාළ දේහ ආදාහනය කිරීමෙන් තොරව භූමදානය කිරීමට අවසර දෙන ලෙස මහර සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
