දේශීය

මාරක රිය අනතුරකින් මව සහ පුතු ජීවිතක්ෂයට

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් මව සහ ඇගේ පුතු ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරෙන් තුවාල ලැබූ 32 හැවිරිදි මව සහ ඇයගේ අවුරුදු තුනහමාරක් වයසැති පුත්‍රයා මෙලෙස ජීවිතක්ෂයට තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ සිටි 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ 11 දෙනෙකු ගමන් කර ඇති අතර  කැබ් රථයේ රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් ඇති බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *