තාවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල අද සිට යළි විවෘතයි
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (16) අළුයම 2.00 සිට යළි විවෘතකර තිබේ.
මෙය තොග වෙළෙඳාම සඳහා පමණක් උදෑසන 08 .00 දක්වා විවෘත කෙරෙන බව සඳහන් වේ.
ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ සිල්ලර වෙළෙඳාම් කටයුතු පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස විෂයභාර අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ලබා දී ඇති බවයි.
තොග වෙළෙඳුන් හැර වෙනත් කිසිවෙකු වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීමෙන් වැළකිය යුතු බවද ධීවර අමාත්‍යාංශය දැනුම් දී තිබේ
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය ඔක්තෝබර් මස 21 වනදා හඳුනාගැනීමත් සමග එම වෙළෙඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
