දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ
අද (17) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.
ඒ අනුව අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශයේ අක්කරෙයිපත්තු 05, අක්කරෙයිපත්තු 14 සහ නගර බල ප්‍රදේශ 03 මෙලෙස හුදකලා කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයයේ ප්‍රධානි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.
අඩ්ඩලාච්චෙනයි පොලිස් බල ප්‍රදේශයේ පලමුනෙයි 01, ඔ්ලුවිල් 02 සහ අඩ්ඩලාච්චෙනයි 08 යන ප්‍රදේශද හුදකලා කර ඇති අතර අලයාඩිවෙම්බු පොලිස් බල ප්‍රදේශයේ අලයාඩිවෙම්බු 8/1, අලයාඩිවෙම්බු 8/3 සහ අලයාඩිවෙම්බු 9 ප්‍රදේශ මෙලෙස අද පෙරවරුවේ සිට හුදකලා කර තිබේ.
මීට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසම ද මේ වනවිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
