ව්‍යාජ තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට සිර දඬුවම වසර 5ක්
ව්‍යාජ තොරතුරු ලබාදෙන කොවිඩ් ආසාදිතයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
PCR පරීක්ෂණ සිදු කිරීමේදී, රෝහලට ඇතුළත් වීමේදී හා අනෙකුත් සෞඛ්‍ය කටයුතුවලදී ව්‍යාජ ලිපිනයන්, ව්‍යාජ නම් ආදිය ලබා දෙන බවට පසුගිය සමයේ තොරතුරු වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
එසේ ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට එරෙහිව රජයේ නිලධාරියෙකුට අසත්‍ය තොරතුරු සැපයීම, වංචා කිරීම සහ කූඨ ලේඛන සැකසීම යන සියලු චෝදනා සමග නිරෝධායන රීතින් යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එවැනි චෝදනාවන්ට වරදකරුවන පුද්ගලයෙකුට අවුරුදු 5 දක්වා කාලයක දෙයාකාරයකින් බන්ධනාගාරගත කර දඬුවම් කිරීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
