ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් හට කොවිඩ් ආසාදනය වේ
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
42 හැවිරිදි වියේ පසුවන ප්‍රංශ ජනාපතිවරයාගේ ශරීර ලක්ෂණ තුළින් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් ඔහු පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහිදී වෛරස ආසාදිතයෙක් බව තහවුරු වී ඇත.
ඒ අනුව දින 7ක කාලයක් ජනපති ස්වයං නිරෝධායනයේ යොමු වී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය රටේ පාලනයට බාධාවක් නොවන බවත් නිරෝධායනයේ යෙදී සිටින ජනපති පාලන කටයුතු සිදු කරන බව එරට උසස් නිලධාරියෙක් විසින් සඳහන් කර ඇත.
මේ වන විට ප්‍රංශය කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වන රටවල් ලැයිස්තුවේ 05වන තැන සිටින බව වාර්තා වේ.
ප්‍රංශයෙන් සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් 2,409,062 ක් වාර්තා වන අතර ඉන් පුද්ගලයින් 108,311ක් සුවය ලබා ඇත.
තවදුරටත් රෝහල් තුළ දැඩිසත්කාර ඒකක්වල ආසාදිතයින් 2,169,390ක් ප්‍රතිකාර ලබමින් සිටියි.
එරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 59,361 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
