දේශීය

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය මහතා වැඩ අරඹයි

මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය මහතා ඊයේ (16) ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානය – ශ්‍රී ජයවර්ධනපුර පිහිටි තම කාර්යාලය තුළ දී  ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 56 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක්  ලෙස සිය පාසල් දිවිය අවසන් කර 1985 ඔක්තෝම්බර් මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව ඇත.

1986 ජුලි 24 වන දින ශ්‍රී ලංකා සංඥා බලකායේ දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව වසර 35කට වැඩි යුද්ධ හමුදා සේවයකට හිමිකම් කියනු ලබන ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරියෙකි.

3 වන සංඥා බලකායේ අණදෙන නිලධාරි වශයෙනුත්, 523 වන බලසේනාවේ සහ 552 වන බලසේනාවේ බලසේනාධිපති වශයෙනුත්, 56 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙනුත් ක්‍රියා කළ දෙමටම්පිටිය මහතා අවසන් වශයෙන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක වශයෙන් තම රාජකාරි ඉටු කරන ලදී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *