සඳෙන් පස් සාම්පල් රැගත් අභ්‍යවකාශ යානය යළි පෘථිවියට
සඳෙන් පස් සාම්පල් රැගත් චෑන්- 5 අභ්‍යවකාශ යානය යළි පෘථිවියට පැමිණ තිබේ.
එම යානය මොංගෝලියාව ආසන්නයේ භුමි ප්‍රදේශයකට අද (17) අළුයම ගොඩ බැස්සූ බව වාර්තා වේ.
එම යානයෙන් සඳේ පෘෂ්ඨයෙන් පස් කිලෝ 02ත් 04ත් අතර ප්‍රමාණයක් රැගෙනවිත් තිබෙන අතර ඒ අනුව සඳෙන් පෘථිවියට පස් රැගෙන ආ තෙවන රට බවට චීනය පත්විය.
මීට පෙර පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකාව සහ රුසියාව අවස්ථා කිහිපයකදී සඳෙන් පස් රැගෙනවිත් ඇති අතර 1976 වසරෙන් පසු සඳ වෙත අභ්‍යවකාශ මෙහෙයුමක් සිදුකළ පළමු අවස්ථාවද මෙය වේ.
විචාරකයින් පෙන්වා දෙන්නේ දින 23ක ගමනකින් පසු චීනය විසින් ගුවන්ගත කළ අදාළ යානය සාර්ථකව යළි පෘථිවියට ගොඩබැස්සවිමට සමත්විම චීනය ලැබූ ජයග්‍රහණයක් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
