දේශීය

සේනා මර්දනයට අලුත් වැඩ පිළිවෙලක්

බඩ ඉරිඟු වගාවේ පැතිර යන සේනා දළඹු හානිය මර්දනය කිරීම සඳහා මෙරටට ආනයනය කළ ජෛව රසායනිකය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට එය ප්‍රදේශ කිහිපයක අත්හදා බලා ඇති බවත් එන් පී වී නැමති එම ජෛව රසායනිකය ගොවීන් වෙත බෙදා හැරීම හෙට (18) සිට ආරම්භ කරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේනා දළඹු හානිය වැලැක්වීමේ කමිටුවේ ප්‍රධානී අනුර විජේතුංග මහතා සඳහන් කරයි.

සේනා දළඹුවා මර්දනය සඳහා ජෛව පාලන ක්‍රමයක් සාර්ථකව මෙරට ගොවීන්ට හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව ද මෙය වන බව අනුර විජේතුංග මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම ජෛව රසායනිකය යොදා ගැනීමෙන් එම හානිය සම්පුර්යෙන් වළක්වා ගැනීමට හැකි වෙතැයි ඔහු විශ්වාසය පළ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *