දේශීය

MCC ගිවිසුම ඇමරිකාව අත්හිටුවයි

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය 2019 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දුන් පස් අවුරුදු ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානය අත්හිටුවා තිබේ.

දෙසැම්බර් 15 වැනි දා MCC අධ්‍යක්ෂ මණ්ඩලය එම තීරණයට එළැඹි බව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම සඳහන් කරයි.

ඉදීරි වර්ෂය සඳහා වන MCC ප්‍රදානයන් ලබා දෙන රටවල් සම්බන්ධයෙන් ද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් එහිදී සිය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ආර්ථික වර්ධනය වැඩි කිරීමේ ඉලක්කගත ආයෝජන තුළින් දරිද්‍රතාවය අවම කිරීම සඳහා MCC අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සියරා ලියොන් රාජ්‍යය පස් අවුරුදු ප්‍රදාන වැඩසටහනක් සඳහා ඒකමතිකව තෝරා ගෙන ඇති බව සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *