නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශ යටතේ සිදු කිරීමට අවසර
නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශ යටතේ සිදුකරන ලෙසට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලුම මීසම් භාර පියතුමන් වෙත උපදෙස් ලබා දී තිබේ.
හුදකලා කර නොමැති ප්‍රදේශවල දේව මෙහෙයන් 50කට නොඅඩු බැතිමතුන් පිරිසක් සමග කාණ්ඩ වශයෙන් සිදුකිරීමට අවසර ලබා දී ඇති බවයි අද (17) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් සඳහන් කළේ.
ඒ අනුව නත්තල් දේව මෙහෙයන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති බව අගරදගුරු හිමිපාණන් වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
