දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 234ක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 234දෙනෙකු අද (17) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව ඕමානයේ මස්කට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ සිට මෙම පිරිස දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් සියළුදෙනා කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

එමෙන්ම කටුනායක ගුවන්තොටුපළෙන් ශ්‍රී ලාංකිකයින් 388දෙනෙක් රැකියා ව්‍යාපාරික සහ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *