නීතිපතිවරයාගේ PCR පරීක්ෂණ වාර්තාව ?
වව්නියාවේ නිවාඩු නිකේතනයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඇතුළු නිලධාරින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.
නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහතා මේ බව ප්රකාශ කර තිබේ.
වව්නියාව ප්රදේශයේ සංචාරක බංගලාවක් විවෘත කිරීම සඳහා නීතිපතිවරයා ඇතුලු පිරිසක් පසුගිය දිනෙක සහභාගී වූ අවස්ථාවේ එහි පැමිණි නීතිඥවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීය.
ඒ හේතුවෙන් එම අවස්ථාවට සහභාගී වූ නීතිපතිවරයා ඇතුලු පිරිසට PCR පරීක්ෂණ සිදු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
