දේශීය

පරිපූරක උත්සව ණය පහසුකම් යෝජනා ක්‍රමය අරඹයි

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘදිධිලාභීන් සහ ස්වයං රැකියාවල යෙදෙන්නන් සඳහා පරිපූරක උත්සව ණය පහසුකම් යෝජනා ක්‍රමය අරඹා ඇත.

මෙම පරිපූරක උත්සව උත්සව ණය පහසුකම් ලබා දෙන ලෙස ජනාධිපති තුමා උපදෙස් ලබා දී ඇත.

මෙම ණය පහසුකම් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා සියයට 0.625 ක මාසික පොලී අනුපාතයකට ලබා දෙන අතර, ණය ආපසු ගෙවීම 2021 ජනවාරි මාසයේ සිට ආරම්භව මාසික වාරික 10 කින් අය කිරීමට යටත් වේ. මෙම ණය පහසුකම් පහත පරිදී සමයන බව දන්වා ඇත.

  1. මාසයකට රු.50,000/- කට වැඩි වැටුප්/ ආදායම් ලබන්නන් සඳහා රු.50,000/- ක ණය මුදලක්
  2. මාසයකට රු.25,000/- ත් රු.50,000/- ත් අතර වැටුප්/ ආදායම් ලබන්නන් සඳහා රු.25,000/- ක ණය මුදලක්
  3. මාසයකට රු.25,000/- කට අඩු වැටුප්/ ආදායම් ලබන්නන් සඳහා රු.10,000/- ක ණය මුදලක්

මේ අනුව ණට පහසුකම් යෝජනා ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මහ භාණ්ඩාගාරය විසින් අදාළ සියලුම බැංකු වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙයට අදාළ සම්පූර්ණ තොරතුරු ඇතුළත් ලිපිය පහතිනි දැක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *