දේශීය

ගුවන්තොටුපළවල් සංචාරකයින්හට විවෘත කිරීමට අපේක්ෂා කරයි – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

කොවිඩ් වෛරස තත්ත්ව නිසා මෙරටට සංචාරකයින්ට පැමිණීමට නොහැකි වූ නමුත් මෙරට ගුවන්තොටුපළවල් සංචාරකයින් හට මේ මස 26 වන දා සිට යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇත.

අමාත්‍යවරයා ගාල්ල බද්දේගම ප්‍රදේශයේ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අඩාල වී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටු වීමට මෙමගින් හැකි වන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *