දේශීය

පොලීසියට එරෙහිව පැමිණිලි 2400ක් – ජාතික පොලිස් කොමිෂන් සභාව

වසරේ මේ දක්වා කාලය තුළ පොලීසියේ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 2400ක් ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි.

එම පැමිණිලිවලින් 51% කට විසඳුම් ලබා දී ඇති අතර පැමිණිලිවලින් බහුතරය යම් පැමිණිල්ලක් සමබන්ධයෙන් පොලීසිය ක්‍රියා නොකිරීම, අපක්ෂපාතී නොවීම හා බලය අයුතු ලෙස භාවිත කිරිම සම්බන්ධයෙන් වේ.

විභාග කළ පැමිණිලිවලදී චෝදනා සනාථ වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බව එහි සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි යොමු කළ හැකි වන අතර ඒවා විභාග කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව ද පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *