දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 599ක් දිවයිනට පැමිණීමට නියමිතයි

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 205දෙනෙකු අද (18) අලුයම දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ඔවුන් සියලුදෙනා PCR පරීක්ෂණ කර අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයින් 599 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉතාලිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණීමට නියමිත ඇති බව වාර්තා වේ.

මීට අමතරව නවසීලන්තය, බංග්ලාදේශය, කටාර්, මැලේසියාව, චීනය, ජර්මනිය, මැලේසියාව, තුර්කිය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව යන රටවල සිට ද පුද්ගලයින් අද පැමිණීමට නියමිත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *