විදේශීය

කොවිඩ් ඒ්න්නත්වල මිල ගණන් හෙළි වේ

කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නත් කිහිපයක් අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, කැනඩාව ආදී රටවන් කිහිපයක් සොයා ගෙන තිබුනද  ඒවායේ මිල ගණන් මෙතෙක් අදාළ සමාගම් විසින් සඳහන් කර නොතිබුණි.

බෙල්ජියමේ කණිෂ්ඨ අමාත්‍යවරයෙකු අදාළ මිල ගණන් යුරෝපා සංගමයේ එම එන්නත් මිලදී ගැනීමට අදාළ ලේඛණයක් උපුටා දක්වමින් හෙළිකර ඇත.

යුරෝපා සංගමය ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • බ්‍රිතාන්‍ය ඇස්ට්‍රා සෙනෙකා එන්නත යුරෝ 1 යි 78 කට,
  • ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අමෙරිකානු ඩොලර් 8 යි 50 කට,
  • සෙනෝෆි-ග්ලැක්සෝ ස්මිත්ක්ලයින් එන්නත යුරෝ 7 යි 56 කට,
  • කියෝවැක් එන්නත මිල කර ඇත්තේ යුරෝ 10 කට
  • ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත යුරෝ 12 කට,
  • අමෙරිකානු මොඩර්නා එන්නත ඩොලර් 18 කට අලෙවි කරනු ලබන බව සඳහන් වී ඇත.

මොඩර්නා එන්නතක සැබෑ වෙළඳපොල මිල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3420 ක් වන බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *