කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය18ක ජල කප්පාදුවක්
අද (19) කොළඹ ප්‍රදේශ කිහිපයකට පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.
ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයක නඩත්තු කටයුතුතක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01, 02,10 සහ 12 යන ප්‍රදේශවලට අද පෙරවරු 09.00 සිට 20 වන ඉරිදා අලුයම 03.00 දක්වා ජල සැපයුම් අත්හිටුවීම සිදු කරණු ලැබේ.
එසේම කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට ද මෙම කාලය තුළ දී අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
