දෙහිඹ්විට ප්‍රදේශයේ පහළ තල්දූව ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ
අද (19) පෙරවරුවේ සිට දෙහිඹ්විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පහළ තල්දූව ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
එම ප්‍රදේශයේ සතිපොළ ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ 72 ක් අතරින් වෛරස ආසාදිත පුද්ගලයින් 18 දෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙලෙස හුදකලා කර ඇත.
ඒ අනුව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය අයිරාජ් ගමගේ මහතා සඳහන් කළේ සෞඛ්‍ය නීතිවලට අනුගත වෙමින් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් නිවෙස් තුළම රැඳී සීටීම වැදගත් බව හා ප්‍රදේශයේ වෙළෙඳසැල් වසා දැමීමට කටයුතු කළ යුතු බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
