නයිජීරියාවේ සිට එවූ මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කරන වියළි කොළ තොගයක් රේගුව භාරයට
නයිජීරියාවේ සිට තැපැල් පාර්සලයක් මෙන් ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කරන වියළි කොළ තොගයක් කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් තමන් භාරයට ගෙන ඇත.
නයිජීරියාවේ සිට මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට මෙම පාර්සලය ඒවා තිබූණි.
හිස කෙස් කළු වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන හෙනා නිෂ්පාදන කිරීම බව සඳහන් කරමින් කටුනායක ගුවන් භාණ්ඩ මධ්‍යස්ථානය වෙත එම පාර්සලය එවා තිබිය දී මෙලෙස රේගුව භාරයට ගෙන ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ මෙම කොළ තොගය වටිනා බවයි.
එසේම ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් වෙත මෙම මත්ද්‍රව්‍ය කොළ තොගය පරීක්ෂා කිරීමට යොමු කර තිබූ අතර එහිදී එය මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබෙන බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
