දේශීය

බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන්ගේ දුලභ දර්ශනයක් පෘතුවිට

සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පති  සහ සෙනසුරු ග්‍රහයන් මේ දින වල සමීප වෙමින් පවතියි.

මේ මස 21 වන දා බ්‍රහස්පති ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා වඩාත් සමීපව පිහිටන දුලභ දර්ශනයක් ශ්‍රී ලාංකිකයින්ට දැක ගැනීමේ අවස්ථාව උදා වේ.

මෙවැනි ග්‍රහ පිහිටීමක් සිදුවන්නේ වසර 397 කට පසුව බවයා ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කර ඇත.

පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සුරිය මහතා පවසා ඇත්තේ ලබන 21 වන දා හිරු බැසයාමෙන් පසු රාත්‍රී 8.20 දක්වා කාලය තුළ බටහිර ක්ෂිතජයට ඉහළින් නිරීක්ෂණය කරන විට මෙම අපූර්ව ග්‍රහ පිහිටීම දැක ගත හැකි බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *