දේශීය

මග්ගොන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් තුනකට සංචරණ සීමා

බේරුවල මග්ගොන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 3 ක් සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

ඊයේ (19) දිනයේ කොවිඩ් ආසාදිතයින් 50 කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

ඒ අනුව මග්ගොන නැගෙනහිර, මග්ගොන බටහිර සහ අක්කරමලෙයි යන ග්‍රාම නිලධාරී වසම් 3 සඳහා මෙම සංචරණ සීමා පනවා තිබේ.

මේ වන විට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ආසාදිතයින් 361 දෙනෙකු වාර්තා වී ඇති අතර මග්ගොන ප්‍රදේශයෙන් රෝගීන් 107 දෙනෙකු වාර්තා වී ඇති බව වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා වැඩි සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *