දේශීය

සේනා කළ හානිය තක්සේරු කිරීමට පියවර – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

සේනා දළඹු ව්‍යාප්තියෙන් බඩ ඉරිඟු වගාවට වූ හානිය තක්සේරු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ පිළිබඳව ප්‍රාදේශිය කෘෂිකර්ම නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට උපදෙස් දී ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එන්.කේ. වීරකෝන් මහතා සඳහන් කරයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දැනට අනාවරණ වී ඇති තොරතුරු අනුව සේනා දළඹුවගේ බලපෑම බඩ ඉරිඟු වගාවන් හෙක්ටයාර් දස දහසකට එල්ල වී ඇති බවයි.

මෙවර මහකන්නයේ බඩ ඉරිඟු හෙක්ටයාර් ලක්ෂයට අධික ප්‍රමාණයක වගාකර තිබේ.

වගාවට සිදුවූ හානි තක්සේරු කිරීමෙන් අනතුරුව වගාකරුවන්ට වන්දි ප්‍රදානය සඳහා පියවර ගන්නා ලෙස පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබාදී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *