දේශීය

කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර සහ බේරුවල කොට්ඨාසවලින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් පූර්ණ සහ අර්ධ වශයෙන් හුදකලා කිරීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.

ඊයේ (19) කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගැනුණි.

කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලංග ප්‍රේමසිරි මහතා සඳහන් කළේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කුරුඳුවත්ත, මහවත්ත, කුඩා හීනටියන්ගල, වෙට්ටුමකඩ, අක්කරගොඩ, කළුතර දකුණ 725 හා 725 බී යන ග්‍රාම නිලධාරී වසම් සම්පූර්ණයෙන් හුදකලා කිරීමට පියවර ගත් බවයි.

එමෙන්ම කටුකුරුන්ද, වේලාපුර හා කලපුව යන ග්‍රාම නිලධාරී වසම් ද අර්ධ වශයෙන් හුදකලා කළ බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.

ඊයේ මෙම ප්‍රදේශ ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර අද (20) තවත් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් තුන්දූව බටහිර සහ තුන්දූව නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණි.

ඒ තුන්දූව ප්‍රදේශයෙන් ආසාදිතයින් 41 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමගය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *