විදේශීය

ග්‍රේටර් සිඩ්නි කලාපයට දැඩි සංචරණ සීමා

ඕස්ට්‍රේලියාවේ ජනගහණය වැඩිම ප්‍රාන්තයේ නැවතත් කොවිඩ් ආසාදිතයින් ඉහළ යමින් පවතින අතර ඒ හේතුවෙන් ග්‍රේටර් සිඩ්නි කලාපයට දැඩි සංචරණ සීමා පනවා තිබේ.

නගරයේ උතුරු වෙරළබඩ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමගම එම කලාපය දින 5කට වසාදමා ඇති අතර නගර වාසීන්ට නිවෙස්වලම සිටින ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් සිඩ්නි නගරයේ සමහර පිරිස් නගරය අතහැර වෙනත් ප්‍රදේශවලට යෑමට පෙළඹී ඇත.

ග්‍රේටර් සිඩ්නි සහ නිව් සවුත් වේල්ස් හි මධ්‍යම වෙරළබඩ කලාපවල ජනතාවට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුළුවීම අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉඩ නොදීමට තීරණය කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *