දේශීය

මුලතිව් වව්නිකුලමට කැබ් රථයක් පෙරලීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට

ඊයේ (19) පස්වරුවේ මුලතිව් වව්නිකුලමට කැබ් රථයක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් කුඩා ළමුන් දෙදෙනෙකු හා පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයින් සිව්දෙනෙකු සිට ඇති අතර ඉන් 13 හැවිරිදි දරුවෙකු දිවි බේරාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු, ඔහුගේ තුන් හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි පිරිමි දරුවෙකු බවයි.

වැව නැරඹීමට ගිය අවස්ථාවේ කැබ් රථය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *