හෙරොයින් ග්‍රෑම් 300ක් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් 3ක් අත්අඩංගුවට
මාලඹේ හා කඩුවෙල ප්‍රදේශවල කළ මෙහෙයුමකින් හෙරොයින් ග්‍රෑම් 300ක් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර රුපියල් පන් කෝටි අනූ ලක්ෂයකට අධික මුදල් ද මෙම සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හා 37 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
හේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සතුව තිබී අදාළ මුදල සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
