අම්බලන්තොට කාන්තාවක් ව ඝාතනය කෙරේ
අම්බලන්තොට ගොඩවාය හන්දිය ප්රදේශයේ නිවසකදී කාන්තාවක් ව ඝාතනය කර තිබේ.
පහරදීමක් හේතුවෙන් තුවාල සහිතව නිවසේ වැටී එම කාන්තාව හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය සිය අනියම් පුරුෂයා සමග අදාළ නිවසේ ජීවත්ව සිට තිබේ.
පොලීසිය සඳහන් කළේ ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන එම කාන්තාවගේ අනියම් පුරුෂයා ප්රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
