නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
ගලේවෙල බුලනවැව ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ වැටලීමකදී එම පුපුරණ ද්‍රව්‍ය තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී වාණිජ පුපුරණ ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන වෝටර් ජෙල් කූරු 175ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පවසන්නේ එම පුපුරණ ද්‍රව්‍ය නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගැනීමට ප්‍රවාහනය කරමින් සිට ඇති බවට සැක පල කෙරෙන බවයි.
සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා දඹුල්ල මූලස්ථාන පොලීසිය වෙත භාර දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
