දේශීය

වනාතමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (20) රාත්‍රියේ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ බොරැල්ල සරණපාල හිමි මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *