දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්නට අදාළ රස පරීක්ෂක වාර්තාව මේ සතියේ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පසු ගිය දිනෙක ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්නට අදාළ රස පරීක්ෂක වාර්තාව මේ සතියේ ලැබීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

පොලිස් පතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ගින්නට හේතුව විදුලි කාන්දුවක්ද ,මිනිස් ක්‍රියාකාරකමක්ද යන්න පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙන අතර, පැමිණීමට නියමිත වාර්තාව මගින් සිදුව ඇත්තේ කුමක්ද යන්න පැහැදිලි කරගත හැකි බවයි.

සිදු වීමට අදාළව එහි සේවය කරන පුද්ගලයින් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු 58 දෙනකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කොටගෙන ඇති බව ද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *