විදේශීය

සෙල්ෆි ගත් චිලී ජනපතිට දඩ

මුව ආවරණයක් නොපැලඳ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම හේතුවෙන් චීලි ජනාධිපතිවරයාට දඩ මුදලක් නියම කර තිබේ.

චීලි ජනාධිපති සෙබස්තියන් පිනේරාට ඇමෙරිකානු ඩොලර් 3500 ක දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙරළ තීරයකදී චිලී ජනාධිපතිවරයා කාන්තාවක් සමග මුව ආවරණයක් නොමැතිව ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් පසුගිය දිනවල එරට සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය විය.

එම ඡායාරූපය සම්බන්ධයෙන් චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරා සමාව අයැදෙමින් කියා සිටියේ මුව ආවරණයක් නොමැතිව ඡායාරූපයකට පෙනී සිටිමේ වරද තමා පිළිගන්නා බවයි.

චිලී රාජ්‍යයේ මුව ආවරණ නොපැලඳීමේ නිතී දැඩි බැවින් ජනාධිපතිවරයාට මෙලෙස දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

මේ වන විට චිලී රාජ්‍යයේ කොවිඩ් ආසාදිතයින් 585,545 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 16,154ක් සිදුව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *