ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා හා තවත් පිරිසක් අත්අඩංගුවට
මුම්බායි නගරයේ පිහිටි සමාජ ශාලාවක පැවති සාදයකට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා සහභාතී වී ඇති අතර එහිදී කොවිඩ් නීති කඩ කිරීමේ චෝදනාව මත පොලීසිය විසින් සුරේෂ් රයිනා ව අත්අඩංගුවට ගෙන ඉන් පසුව ඇප මත නිදහස් කර ඇත.
සමාජ ශාලාවේ සේවය කළ පුද්ගලයින් 7 දෙනෙක් ඇතුළු එම අවස්ථාවේ සිටි පුද්ගලයින් 34 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සුරේෂ් රයිනා සමග බොලිවුඩ් නිළියක් වූ සුසෑන් ඛාන් හා ගුරු රන්ධාවා යන අයවද අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
