ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු පරයනාලන්කුලම් කන්නට්ටි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ (21) රාත්‍රියේ පරයනාලන්කුලම් පොලීසියට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
