දේශීය

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 23 ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීතිවලට අනුගත නොවී මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන චෝදනාව මත පුද්ගලයින් 23 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පොලිස්පති තුමා වැඩිදුරටත් සඳහන් කළේ මේ දිනවල පොලිස් නිලධාරීන් නිල ඇදුමින් හා සිවිල් ඇඳුමින් වැඩි ප්‍රමාණයක් සිය රාජකාරී කටයුතුවල නිරතව විටින බවයි.

ඔක්තෝම්බර් 30 වන දින සිට මේ දක්වා මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන චෝදනාව මත පුද්ගලයින් 1675ක් අත්ඩංගුවට ගෙන ඇති බව ද පොලිස්පති තුමා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *