විදේශීය

ඇමරිකාවේ අනාගත ජනාධිපති කොවිඩ් එන්නත ලබාගනී

ඇමරිකාවේ තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් කොව්ඩ් එන්නත ලබාගෙන තිබේ.

ඔහු ෆයිසර් බයෝ-එන්-ටෙක් එන්නත ලබාගෙන ඇත්තේ එන්නත ආරක්ෂිත යැයි ඇමරිකානුවන්ට පෙන්වීම සඳහාය.

මේ වනවිට උප ජනාධිපති මයික් පෙන්ස් මෙන්ම කථානායක නැන්සි පෙලෝසි ද කොවිඩ් එන්නත ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට අමෙරිකානුවන් ලක්ෂ 5 කට පමණ මෙම එන්නත ලබා දී ඇති බව වාර්තා වේ.

ඔහු එන්නත ලබාගන්න ආකාරය විදෙස් මාධ්‍ය සජීවිව විකාශය කළ අතර එහිදි ජනාධිපතිවරයා ”මම මෙම එන්නත ලබාගත්තේ සෑම ඇමෙරිකානු ජාතිකයෙක්ම එන්නත ලබා ගැනීමට දිරිගැන්වීම සඳහායි”යනුවෙන් පැවසී ය.

ඇමරිකාව තුළ එන්නත්කරණ වැඩසටහන දියත් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට යම්කිසි ගෞරවයක් ලැබිය යුතු යැයි ජෝ බයිඩ්න් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *