විදේශීය

කොවිඩ් හේතුවෙන් ගිම්හානයේ තවත් අර්බුදයට යන බ්‍රසීලය

බ්‍රසීලයේ ජනතාව කොවිඩ් වෛරසය නෙසලකා කටයුතු කරන බව වාර්ත් වී ඇත.

ඒ ගිම්හානය කාලය ඇරඹීමත් සමග එරට අගනගරය වන රියෝ ද ජැනයිරෝ හි වෙරළ තීරයේ ජනතාව විශාල පිරිසක් රැස්ව තිබෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම නිරෝධායන නීති රීති අනුගමනය නොකරමින් මුව ආවරණ නොපැළඳි පිරිස වැඩි වශයෙන් වෙරළ තීරයේ සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සෝනාරෝ කොවිඩ් වෛරසය පිළිබඳ නොතකා  කොවිඩ් එන්නත ලබාගැනීම ද ප්‍රතික්ෂේප කළ ඇති මෙහෙතේ බ්‍රසීලය ලොව කොවිඩ් වෛසර ආසාදිතයින් වාර්තා වන තුන් වන රට බවට පත් වී ඇත.

එරටින් මේ වන විට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් 7,264,221  වාර්තා වී ඇති අතර, ඉන් ආසාදිතයින් 6,286,980   දෙනෙක් සුවය ලබා ඇති බවත් තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව  789,919  වන බවත් විදෙස් ම්ධ්‍ය සඳහන් කරයි.

බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යානව 187,322 වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *