දේශීය

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට එන ගුවන් යානාවලට තහනමක්

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන සියලුම ගුවන් යානා වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කරයි.

ඒ අනුව හෙට (23) දින අළුයම 2.00 සිට මෙම තහනම ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ.

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් යළි ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කරනු ලබන දිනය සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

මේ වන විට බ්‍රිතාන්‍යයේ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ලොව රටවල් 40 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමට ඊයේ (21) දිනයේ සිට කටයුතු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *