දේශීය

මෙරටට පැමිණෙන ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු නිදහස් කෙරේ

ලබන දෙසැම්බර් 26 වන දා සිට 2021 ජනවාරි 19 වන දා දක්වා ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු නිදහස් කර තිබේ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කර ඇති එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රජය සඳහන් කළේ ජාත්‍යන්තර ගුවන් ගමන් කේෂ්ත්‍රය මුහුණ දී ඇති අර්බුද හේතුවේ එම තීරණය ගෙන ඇති බවයි.

විදේශ සංචාරකයින් සඳහා ගුවන්තොටුපළ විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුගමනය කරමින් එම කටයුත්ත සිදුකරනු ලබයි.

ඒ අනුව විශේෂිත කාලසටහන්වලට අනුකූලව ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් මෙහෙයුම් කටයුතුවල නිරත වීමට නියමිතව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *