දේශීය

ජනවාරියේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීම අවධානම් – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්

ශ්‍රී පාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවදානම් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

ඒ හේතුවෙන් ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර ඇත .

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතා සඳහන් කර ඇත්තේ වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් පවතින බවයි.

ඇතැම් ප්‍රදේශ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මැදිහත්වී සංචරණ සීමා පැනවීම ද සිදුකර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *