ඊයේ වාර්තා වූ වැඩිම ආසාදිතයින් පිිරිස කළුතර දිස්ත්‍රික්කයෙන්
මෙරට පුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ් වෛරස හේතුවෙන් ඊයේ (22) දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යව 428 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඉන් ආසාදිතයින් 193 ක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් අතරින් ආසාදිතයින් 162 දෙනෙක් අටලුගම ග්‍රාමයෙන් වාර්තා වී තිබේ.
වෛරස ආසාදිත පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් පිරිස ඊයේ දිනයේ වාර්තා වී ඇති බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
